Web Services
Public Services
-
Landslide Risk Assessment for Development
(Obtain risk assessment report for construction & development work) -
Landslide Hazard Map of Your Area
(Download landslide hazard zonation maps) -
Issuing Geotechnical Clearance for Assessing the Impacts on Adjacent Structures
(Issuing Geotechnical Clearance for Assessing the Impacts on Adjacent Structures)
-
Testing & quality control of building materials
(Testing & quality control of building materials) -
Testing of water, waste water, air quality noise & vibration
(Testing of water, waste water, air quality noise & vibration) -
Testing of geo-technical investigations
(Testing of geo-technical investigations)
Major Projects & Programs
-
Landslide Risk Mitigation Program (RLVMMP)
(Reduction of landslide vulnerability by mitigation measures - RLVMMP) -
International Technical Cooperation Program
(Technical cooperation between NBRO & international agencies) -
13th Annual Research Symposium 2023
(Technical cooperation between NBRO & international agencies) -
Research & Development Program
(R & D updates & highlights) -
Public Investment Program (PIP)
(Ongoing development projects and research executed by the Treasury funds) -
SATREPS Sri Lanka Project
(SL/Japan joint project on development of early warning technology of rain induced rapid & long travel landslides) -
MOBILISE Project
(Mobilise Project) -
Training & Awareness Program
(Training & awareness on disaster management and resilient construction technology)
Downloads
-
Symposium Proceedings
NBRO Symposium publications with full text can be downloaded
-
Technical Guidlines
Access for Technical Guidance documents on Disaster Resilient Development
-
NBRO Annual Reports
Annual Report/Financial Performance Reports of NBRO
-
NBRO Newsletters
Quarterly Newsletter highlighting NBRO activities
-
Research Publications
Full Text Publications of Research and technical Papers
-
Special Project Reports
Technical Documents on Special Studies and projects
-
Tender Documents/ EOI & Vacancies
Procurement, Vacancies and EOI
-
Download Application Forms
Download all application forms for NBRO services
Latest Events
Upcoming Events
Media Release
Photo Story
Latest News
බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්ලැන්නෝර් ග්‍රාම නිලධාරි වසමේ ග්ලැන්නෝර් වතුයායේ නායයෑමක්.
හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්ලැන්නෝර් වතුයායේ B කොටස ආශ්‍රිතව 2023.11.19 දින නායයෑමක් සිදු වී ඇත. මෙම සිදුවීමෙන් ජීවිත හෝ නිවාස හානි කිසිවක් වාර්තා වී නොමැත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිළධාරීන්ගේ අධීක්ෂණයෙන් අනතුරුව පවුල් 7ක් නාය අධි අවදානම් ලෙස හදුනාගෙන ඇති අතර එම පවුල් 7හි ජනතාව තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත්කර ඇත. තවද, ඒ අවට ජනතාවට නාය පිළිබඳ ව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් උපදෙස් ලබාදී ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෝඩාපේ ග්‍රාම නිලධාරි වසමේ පෝඩාපේ කන්ද ආශ්රිත ප්‍රදේශයේ නායයෑමක්..
අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පෝඩාපේ කන්ද 2023.11.16 දින රාත්‍රී 9.30ට පමණ නායයෑමකට ලක් වී ඇත. මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හෝ නිවාස හානි වාර්තා වී නොමැති අතර අසල තිබූ තේ හා රබර් වගාවට හානි සිදු වී ඇත.
මෙම නාය ස්ථානය 2016 වසරේ දී ද නායයෑමකට ලක් වූ අතර එහිදී නාය අධිඅවදානම් පවුල් 30ක් ආරක්ෂිත ස්ථාන වෙත නැවත පදිංචි කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ සහ තාක්ෂණික සහයෝගය ඇතිව සිදුකර ඇත. එබැවින් 2023.11.16 වන දින සිදු වූ නායයෑමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවූ අතර අවදානම් සහිත නිවාස තුනක ජනතාවට අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය උපදෙස් ලබාදී ඇත.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරය ආශ්රිත ප්‍රදේශ කිහිපයක ම නායයෑම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම් ඇතුළු ආපදා තත්ත්ව රැසක් වාර්තා වී ඇත
රට තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2023 සැප්තැම්බර් මස 28 වන දින සිට 2023 නොවැම්බර් මස 15 වන දින දක්වා, බදුල්ල, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල නායයෑම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම් සහ ඒ ආශ්රිත සිදුවීම් 1037ක් වාර්තා වී තිබේ.
ඉන් වැඩිම සිදුවීම් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර එය සිදුවීම් 321 ලෙස හඳුනා ගෙන ඇත. ඊට අමතරව කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්ක තුළ පිළිවෙලින් සිදුවීම් 236ක් හා 133ක් වාර්තා වී ඇත.
මෙම නායයෑම් ආපදා තත්ත්ව නිසා මේ වනවිට පුද්ගල මරණ 7ක් වාර්තා වී ඇති අතර ඉන් මරණ 5ක් රත්නපුර දිස්ත්‍රික්කය තුළින් වාර්තා වේ.
ඔබ ජීවත් වන්නේ කඳුකර ප්‍රදේශයක නම් නායයාම්, බෑවුම් අස්ථාවර වීම්, ගල් පෙරළීම්, කණ්ඩි කඩා වැටීම් සහ පොළව ගිලා බැසීම් පිළිබඳව නිරන්තර සැලකිල්ලෙන් පසුවන ලෙසත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සහා ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය මඟින් නිකුත් කරන නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩ වෙත අවධානය යොමු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලවල ග්‍රාම නිලධාරි වසමේ රත්මල්දෙණිය ප්‍රදේශයේ නායයෑමක්..
ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රත්මල්දෙණිය ප්‍රදේශයේ 2023.11.13 දින දහවල් 2ට පමණ නායයෑමක් වාර්තා වී ඇත. මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හෝ නිවාස හානි වාර්තා වී නොමැති අතර අසල තිබූ කුඹුරු යායට සුන්බුන් ගලා යාමෙන් හානි සිදු වී ඇත. නාය ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව අවදානම් සහිත නිවාස හතරක ජනතාව තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් අදාල අංශ වෙත ලබාදී ඇත.