පසුබිම

ගංවතුරට ලක්වන ස්ථාන හදුනා ගැනීමේ තාක්‍ෂණික හා ප්‍රජා මුලික ක්‍රමත් ගංවතුර නිසා වන භෞතික දේපල සහ හදිසි ගංවතුර තත්වයන් පිළිබඳව සොයා බැලීමත්  රත්නපුර නාගරික ප්‍රදේශයේ නියමානුකුල ගංවතුර ආපදා තක්සේරුවක් දියත් කිරීමත් මෙම පර්යේෂණයේ අරමුණයි.

පසුගිය දශක කිහිපය තුල රත්නපුර නගර සභා ප්‍රදේශය (RMC) ගංවතුර තත්වයන් ගණනාවකට ලක් විය. 2003 මැයි මස සිදු වූ විනාශකාරී ගංවතුර නිසා නාගරික ප්‍රදේශය තුල මරණ හා දේපල විනාශයන් ගණනාවක් සිදු වූ අතර ප්‍රධාන ගණයේ ගංවතුර ගැලිම් 17 ක් සිදු විය. එබැවින් එවැනි තත්වයන්ට පූර්ව ප්‍රතික්‍රියා දැක්වීමක් ලෙස සහ වෙනත් කුමන හෝ ස්ථානයක වන ගංවතුර උපද්‍රවමය තත්වයන් වැළැක්වීමට විස්තරාත්මක ගංවතුර තොරතුරු පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය පැන නැගී ඇත.

projects image-1

රූප සටහන 1: අධ්‍යයන ප්‍රදේශය

ව්‍යාපෘතිය

මූලික කාර්යය  ලෙස ගංවතුරට ලක්වන ස්ථාන හඳුනා ගැනීම සහ ගංගාශ්‍රිත ගංවතුර තත්වය හා ගංවතුරට යට වන ප්‍රමාණය දැන ගැනීමටත් Arc GIS මූලික ආදර්ශය යොදා පහත් බිම් හදුනා ගැනීම සිදු කෙරිනි.

  • පළමුවෙන්ම දළ සටහන්, ස්ථානීය උස සහ දිය ප්‍රවාහ ජාල නිසා සැකසුන ටෝපො රාස්ටර් (ඩිජිටල් උන්නතාංශ මාදිලිය) සමඟ රාස්ටර් විමර්ශන මෙවලම් භාවිතා කරමින් ගංගාවක මතුපිට මට්ටමේ සිට ගංවතුරට ලක් විය හැකි ප්‍රදේශ නිශ්චය කර ගැනීම සඳහා GIS පාදක භූ විමර්ශනයක් සිදු කෙරිනි.
  • දෙවනුව ඒකාබද්ධ ජලවිද්‍යාත්මක සංකල්පයක් පදනම් කර ගත් මොඩලයක් (බ්ලූ ස්පොට් මාදිලිය) යොදා ගන්නා ලදී. පිරවීම සඳහා වැඩි හැකියාවක් සහිත සහ තද වැසිවලදී උතුරා යන පහත් බිම් හදුනා ගැනීමට එය උපකාරි වේ. තවද, එක් එක් ස්ථානය පිරවීම සඳහා අවශ්‍ය කරන ගිලීමට ලක් වන ප්‍රමාණය හා වර්ෂාපතන ප්‍රමාණය එමගින් තක්සේරු කෙරේ.
  • වාර්ෂික හා මාසික ගංවතුර ප්‍රමාණයන්, යටවීමේ ප්‍රදේශ, ගංවතුරෙහි ගැඹුර සහ ආරක්ෂිත ස්ථාන වල පිහිටීම පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රජා මූලික සහභාගිත්ව ක්‍රමවේදය යොදා ගැනිනි. එක් එක් ක්‍රමයේ ප්‍රතිඵල විස්තරාත්මක සිතියම් ගණනාවක් සහ සාරාංශගත වගුවක් මගින් කරුණු ගෙන හැර දැක්විනි. එමගින් පිහිටි ගැඹුර අනුව පහත් බිම් ප්‍රදේශවල පිහිටීම, ගංගා මතුපිට සිට ඇති ජල මට්ටම සහ එක් එක් හදුනාගත් නිම්න ස්ථාන පිහිටීම පිරවීමට අවශ්‍ය වැසි ප්‍රමාණය ගණනය කළ හැකි විය. මීට අමතරව, ජල ගලා යා හැකි මාර්ග, පෝෂක ප්‍රදේශ සීමා ද හඳුනා ගන්නා ලදී.

සොයාගැනීම්

භූමිභාග විමර්ශනයේ ප්‍රතිඵල

ගංවතුරවල අවකාශ ප්‍රමාණය ගගේ මට්ටම (මීටර් 17) මීටර් 24 දක්වා වැඩීවීම නිසා ජල මට්ටම ඉහළ යන සෑම මීටර් 0.5 කදී ඇතිවීම. මෙකී සියළු ප්‍රමාණයන් පහත දැක්වෙන සිතියම් පෙල මගින් (රූප සටහන් 2, 3) MC හා GN මට්ටමින් විදහා දැක්වේ.

ජල මට්ටම මීටර් 7 ක් දක්වා වැඩි වන බව ප්‍රතිඵල දක්වා සිටින අවස්ථාවක (උපරිම මට්ටම ලෙස සළකා), MC ප්‍රමාණයෙන් සියයට 30 ට ආසන්න ප්‍රමාණයක් ගංවතුරට යටවේ. එමගින් ගොඩනැගිලි 3300 කට හානි ගෙන දේ. (වගුව 1)

image2 MC image3 GN
Fig.2 Spatial extent of inundation location at specified range 0.5-7m for MC boundary Fig.3 Spatial extent of inundation locations visualized with building overlay at GN level.
ගංවතුර මට්ටම
(ගඟ මතුපිට සිට)
මූලික උස :- මීටර් 17
හානි වූ ප්‍රදේශය
සමස්ත නගර සභා ප්‍රදේශය
2636.9 (හෙක්ටයාර්)
හානි වූ ගොඩනැගිලි සංඛ්‍යාව
ප්‍රදේශය ප්‍රතිශතය  
0.5 38.6 1.5 31
1 57.4 2.2 71
1.5 87.95 3.3 109
2 138.3 5.2 178
2.5 199.2 7.5 288
3 275.1 10.4 529
3.5 349.8 13.3 841
4 407.2 15.4 1123
4.5 465.6 17.6 1422
5 524.7 19.9 1769
5.5 594.6 22.5 2261
6 665.0 25.2 2741
7 737.0 27.9 3303

 බ්ලූ ස්පොට් මොඩලයේ ප්‍රතිඵල

හදිසි ගංවතුර තත්වයන් නිසා යට විය හැකි ස්ථානවල අවකාශීය ඉඩකඩ මොඩලය මගින් හදුනාගෙන ඇති අතර ඊට අමතරව පහත් බිම් සහිත ප්‍රදේශවල වර්ෂාපතන ප්‍රමාණයන්වල සාමාන්‍යය ද ලබා ගෙන ඇත. හදුනාගත් පහත් බිම් ප්‍රදේශවලින් 90% කට ආසන්න ප්‍රමාණයක් වර්ෂාපතනයේ දී (පැය ගණනින්) මි.මි. 20 - 150 ප්‍රමාණයක් ජලයෙන් යටවේ. නගර සභා ප්‍ර‍දේශවලින් 15% මෝසම් වැසි වලින් ගංවතුරට ලක් වන බව සංඛ්‍යාලේඛන හුවා දක්වයි. වර්ෂාපතනය මිමි 150 ක සාමාන්‍යය ඉක්මවා ලැබෙන අවස්ථාවක ප්‍රදේශයේ හෙක්ටයාර් 360 ක ප්‍රමාණයක් ජලයට යටවේ. (2 වගුව)

image4
 Fig 4: Fill up values for each inundation locations
සිරස් නිරවද්‍යතාවය හානි වූ ප්‍රදේශය
සමස්ත නගරසභා ප්‍රදේශය
2636.9 (හෙක්ටයාර්)
හානි වූ ගොඩනැගිලි සංඛ්‍යාව
ප්‍රදේශය ප්‍රතිශතය
2.5 69.5 2.6 72
2 79.4 3.1 98
1.5 122.4 4.6 193
1 207.1 7.8 350
0.5 245.3 9.3 449
0.05 400 15.2 992

ප්‍රජා මූලික සහභාගීත්ව ක්‍රමයේ ඵලය

ගංවතුරට ලක්වන ස්ථාන ගැඹුරේ සාමාන්‍ය අනුව වැඩමුළු හරහා ලබා ගත් අදාළ භූමිභාග ලෙස වර්ගීකරණය කර ඇත. කළු ග‍ඟේ වම් ඉවුරේ පිහිටි ප්‍රදේශය හා වී වගාවෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් ගංගාශ්‍රිත ගංවතුර නිසා විශාල වශයෙන් පීඩාවට ලක් වේ. ගංවතු‍රේ ගැඹුර අවම වශයෙන් අඩි 2 සිට අඩි 10 කට වැඩි ලෙස වෙනස් වන අතර හදුනාගෙන ඇති ගංවතුර යටවන ස්ථාන සියල්ලම පාහේ මි.මි. 17 සිට මි.මි. 23 අතර වේ. ජනතාව දැක්වූ අදහස් වලට අනුව ගංවතුරෙන් වන හානි ප්‍රමාණය හෙක්ටයාර් 480 ක් වන බවයි. ඉන් අදහස් වන්නේ නගර සභා බල ප්‍රදේශයෙන් සියයට 20 ක් වාර්ෂික ගංවතුරට පාත්‍ර වේ.  ඉන් 90% ක ප්‍රදේශයක් ගංවතුර මට්ටමින් අඩි 6 කට වඩා ජල ප්‍රමාණයකට ලක්  වේ. මෙකී ගංවතුර ප්‍රමාණය ‍හේතුකොටගෙන, ගොඩනැගිලි 1500 ක් ගංවතුරට යට වන බව ඇස්තමේන්තු කර ඇත. 3 වන වගුව මගින් අවදානමට ලක් ව ඇති ප්‍රදේශ පෙන්නුම් කරයි.

image6
රූප සටහන 6: ගංවතුර ස්ථාන හා යටවන ගැඹුර
ගංවතුර ගැඹුර (අදාළ ප්‍රදේශයේ මතුපිට) අඩි වලින් හානි වූ ප්‍රදේශයසමස්ත නගරසභා ප්‍රදේශය
2636.9 (හෙක්ටයාර්)
හානිවූ ගොඩනැගිලි සංඛ්‍යාව
ප්‍රදේශය ප්‍රතිශතය
2 4 0.2 22
3 1.2 0.05 13
4 20.7 0.8 168
5 16.2 0.6 98
6 293.5 11.2 789
10 145 5.5 380
එකතුව 480 20.1 1470

හැදින්වීම

මෝසම් දෙකකට මැදි වි ඇති ඉන්දියන් සාගරයේ කුඩා දිවයිනක් වන ශ්‍රී ලංකාව කාලගුණික උපද්‍රව වලින් වැඩි වශයෙන් හානියට ලක්වේ. මෝසම් වැසි නිසා බොහෝ විට ඇති වන ගංවතුර හෝ අඩු පීඩන පද්ධතිවල බලපෑම් හා මෝසම් වැසි ‍නොලැබීම නිසා ඇති වන නියං ශ්‍රී ලංකාවේ වඩත් බහුලව දක්නට ලැබෙන උපද්‍රව බවට පත් වි ඇත. නායයාම්, අකුණු සැර, මුහුදු ඛාදනය, වසංගත හා පරිසර දූෂණ  බලපෑම් වැනි උපද්‍රව වලට ද මෙම රට මුහුණ දී ඇත. 2004 වසරේ දී ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයකට ඉන්දියානු සාගර සුනාමිය මගින් දැඩි බලපෑමක් සිදු වී ඇත.

people affected by disasters

රූප සටහන 01 මගින් 1974 - 2004 කාලය තුල ස්වභාවික ආපදාවලින් බලපෑමට ලක් වූ ජනයා පිළිබඳ විස්තර දක්වා ඇත. ගංවතුර, නියඟය, සුනාමි, කුණාටු සහ නායයාම් රටේ ප්‍රමුඛ ස්වභාවික ආපදා ලෙස පැහැදිලිව පෙන්නුම් කර ඇත.

ගත වූ දශක කිහිපය තුල විවිධාකාර වූ ආපදාවලට ශ්‍රී ලංකාව ලක් වී ජනයාට තම ජීවිත හා ‍දේපල එම අහිතකර තත්වයන් තුල අහිමි වී ඇත. රජය හා විෂය මූලික රාජ්‍ය නොවන සංවිධාන ආපදා සහන, පුනරුත්ථාපන කටයුතු සහ නැවත ඉඳිකිරීම් මගින් මෙකී තත්වය නිවැරදි කිරීමේ අරමුණින් මූල්‍ය සහාය ද ඇතිව එක්තරා මට්ටමකට සිදු කර ඇත

ආපදා පැවරුම් අතීත ක්‍රියාපිළිවෙත

ආපදා සහන, පුනරුත්ථාපනය සහ නැවත ඉදිකිරීමේ කටයුතු ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත සෘජුව මුදා හැරෙන අතර ඒවායේ පිටපතක් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යැවීමට අවශ්‍ය පියවර ගනු ලැබේ. ප්‍රාදේශීය මහලේකම් කාර්යාල විසින් තම ප්‍ර‍දේශයන් සඳහා වෙන් කරන ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබා ගත යුතුය. හදිසි ආපදාවලට අදාළව සහන ලබා ගැනීමේ මූලික සුදුසුකම් වන්නේ පවුලේ මාසික ආදායම රු. 3000/- ට වඩා අඩු විය යුතුය. අදාළ පවුල තුල මව, පියා සහ අවිවාහක පිරිමි හා ගැහැණු දරුවන් පමණක් ඇතුළත් විය යුතුය. දෙමව්පියන් මි‍යගොස් ඇති අවස්ථාවක අවිවාහක පිරිමි හා ගැහැණු දරුවන් ඒ සඳහා සුදුසුකම් ලබයි. දෙමාපියන් දෙදෙනාගෙන් එක් අයෙකු දරුවන් සමඟ ජිවත් ව සිටින විටෙක ඔවුන්වද ඇතුළත් කළ යුතුවේ. පවුලේ සමස්ත මාසික ආදායම සේ සියලු පාර්ශ්වවලින් ලැබෙන ආදායමේ සාමාන්‍යය සැලකිල්ලට ගනී.

ආපදා පැවරුම් අතීත ක්‍රියාපිළිවෙත - ප්‍රායෝගික තත්වය

2011 මැයි මසදී කෑගල්ල, ගම්පහ, කොළඹ හා ගාල්ල යන දිස්ත්‍රික්කවල ගංවතුර ගැලීමේ ප්‍රතිඵලයක් ලෙස 33,201 දෙනෙකු අඩංගු පවුල් 8,479 ක් පීඩාවට ලක් වී පස් දෙනෙකු මිය යාමටත් හය දෙනෙකුට තුවාලත් සිදුවිය. මෙමගින් නිවාස 341 ට හානි වූ අතර ඒ අතරට පූර්ව ලෙස හානියට ලක් වූ නිවාස 71 ක් හා අර්ධ හානි සහිත නිවාස 270 ක් විය. සාධනීය පියවරක් ලෙස වාර්තා වූ ආපදා තත්වයන් පිළිබඳ තොරතුරු පදනම් කරගෙන ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රතිපාදන මුදා හැර ඇත. රු. 463,738,830.15 ක මුදලක් ආපදාවලින් හානියට ලක් වූ පහත සඳහන් දිස්ත්‍රික්කවලට යවා ඇති අතර රු. 6,513,646.85 ක මුදලක් ගංවතුර වින්දිතයන් හට 2011 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුල සහන ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා වියදම් කර ඇත.

ආපදා මගින් හානියට ලක් වූ නිවෙස් අලුත්වැඩියා කිරීමට හෝ නැවත ඉඳි කිරීමට නිවාස ආධාර  ගෙවන ලදී.  මාසික ආදායම රු. 3000/- හෝ ඊට අඩු අයදුම්කරුවන්ට පමණක් මෙම සහන මුදල ගෙවා ඇත. පූර්ණ ලෙස හානියට ලක් වූ නිවසකට රු. 50,000/- කුත් අර්ධ වශයෙන් හානියට ලක් වු නිවසකට රු. 25,000/- ක මුදලක් 2007/10/01 දිනැති අංක 2007/10 දරණ  NDRSC චක්‍රලේඛය පරිදි  2011 මැයි මස දක්වා ගෙවා ඇත. නිවාස 30,569 ක් 2011 මැයි මස දක්වා පුනරුත්ථාපනය කර හා නැවත ඉදි කර ඇති අතර ඒ සඳහා රු. 53,045,194/- ක් වියදම් කර ඇත. අංක 152 දරන ජාතික අයවැය චක්‍රලේඛය ක්‍රියාවට නැංවීමත් සමඟම මෙම කාර්ය භාරය 2011/05/14 දින සිට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙත පැවරී ඇත.

අවදානම් පැවරීමේ නව වැඩසටහන - ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ආවරණය

2016 අයවැය යෝජනාවකට අනුව, ආපදාවලින් හානියට ලක් වූ පුද්ගලයන් හට ආපදා සහන හා සහනාධාර ලබා දිම සඳහා ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ආවරණ වැඩසටහන හදුන්වා දී ක්‍රියාවට නංවා ඇත. රටේ ආර්ථිකය හා සංවර්ධනය වැඩිදියුණු කිරීම පිණිස මෙම වැඩසටහන හදුන්වා දී ඇත. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා ජාතික රක්ෂණ භාරකාර අරමුදල් ඒකාබද්ධව මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ආවරණය ක්‍රියාවට නැංවේ. මෙම ප්‍රතිපත්තිමය වැඩසටහන යටතේ වැනි සුළි සුලං, කුනාටු, ගංවතුර, නායයාම්, චන්ඩ මාරුත, භුමි කම්පා, සුනාමි හා නියග හා මිනිසා විසින් ඇති කරන ආපදා හැර වෙනත් ඒ හා සමාන ස්වාභාවික විපත් ස්වාභාවික ආපදා මෙම රක්ෂණ ක්‍රමය යටතේ හදුනා ගනු ඇත.

ජාතික ආපදා රක්ෂණ ආවරණ ප්‍රමාණය

ජාතික ආපදා රක්ෂණාවර වැඩසටහන යටතේ ඇති වාසි හා ආවරණ පහත දක්වා ඇත.

ස්වභාවික ආපදා ආවරණය මගින්

  • නිවැසියන් සියළු දෙනා හා කුඩා පරිමාණ ව්‍යාපාරික ස්ථාන (වාර්ෂික පිරිවැටුම රු. මිලියන 10 නොඉක්මවන ඕනෑම ව්‍යාපාරයක්) විශේෂිතව ජීවිත හා දේපල රු. මිලියන 2.5 ක ආවරනයක් සැපයේ.  මෙහිදී සුළි සුලං, කුනාටු, ගංවතුර, නායයාම්, චන්ඩ මාරුත, භුමි කම්පා, සුනාමි හා නියග හා මිනිසා විසින් ඇති කරන ආපදා හැර වෙනත් ඒ හා සමාන ස්වාභාවික විපත් ස්වාභාවික ආපදා තම දේපල වලට හා ඒවායේ ඇතුළත් වන දෑ වලට සිදුවන හානි (එක් සිදුවීමකට) පිළි ගැනේ. විශාල ව්‍යාපාරික ස්ථානවල දේපලවලට හා රක්ෂණ සමාගමක රක්ෂණය කර ඇති ‍දේපලවලට වන හානිය ආවරණය නොවේ.
  • ස්වභාවික ආපදාවලින් හානියට පත් වන සියළු දෙනා සඳහා ඇති හදිසි අනතුරුමය මරණ ආවරනය පුද්ගල හදිසි අනතුරු රක්ෂණ ආවරනය යටතේ එක් අයෙකුට රු. 100,000/- බැගින් ගෙවනු ඇත.

ස්වභාවික ආපදා වින්දිතයන්ට ලැබෙන හදිසි සහනයන්

  • හදිසි සහන වියදම්වල වාර්ෂික සීමාව රු. බිලියන 1.5 ක් වනු ඇත.
  • විවිධ වර්ගයේ හා ප්‍රමාණවල ආපදා සඳහා පහත දැක්වෙන පරිදි උප සීමා (වගුව 1) පනවා ඇත.
සුනාමි හෝ භුමිකම්පා රු. මිලි. 500.0
දරුණු ගංවතුර/ සුළි සුලං/ සමාන තත්වයක් >පුද්ගලයන් 1000 කට බලපාන රු. මිලි. 100.0
සුළු ගංවතුර/ සුළි සුලං/ සමාන තත්වයක් < පුද්ගලයන් 1000 කට බලපාන රු. මිලි. 50.0
නායයාම රු. මිලි. 25.0

රක්ෂණාවරණ සීමා

  • නිවාස හා සුළු පරිමාණ ව්‍යාපාරික ස්ථානවලට (ව්‍යුහාත්මක හානි) අදාළව දේපල හා අන්තර්ගත දෑ හි ව්‍යුහාත්මක හානි - වාර්ෂික සීමාව රු. බිලියන 8.5 ක්  
  • හදිසි සහන කටයුතුවල වියදම -  වාර්ෂික සීමාව රු. බිලියන 1.5
  • සීමා බැරකම්හි එකතුව - සමස්ත කාල සීමාව සඳහා රු. බිලියන 10

ජාතික ස්වභාවික ආපදා රක්ෂණ සැළසුම් ක්‍රියාවට නැංවිමේ ක්‍රමවේදය

කිසියම් හෝ දිස්ත්‍රික්කයක කිසියම් ස්වභාවික ආපදාවක් සිදුවූ විට, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) මගින් නිකුත් කර ඇති ආපදා තත්ව වාර්තාවට අනුව ආපදා සිදුවීම් වාර්තාව සහ ප්‍රා‍දේශිය ලේකම් කාර්යාලයේ නිර්දේශය යටතේ හා දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතිය ඇතිව ආපදා සහනය සඳහා ඇස්තමේන්තුගත වියදම ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයට දැනුම් දිය යුතුවේ.

මීට පෙර ලබා දුන් ආපදා සහන සේවාවන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අයවැය තුලින් වෙන්කල ප්‍රතිපාදන මත ලබා දෙන ලදී. ඒ හේතුකොට ගෙන වින්දිතයන්ට සහන සේවා සැළසීමේදී ප්‍රමාදිත ක්‍රමවේදය හා සීමාසහිත මුදල් ප්‍රතිපාදන හේතුකොටගෙන ගැටළු රාශියකට මුහුණ පැමට සිදු විය.

ජාතික ස්වභාවික ආපදා රක්ෂණ සැළසුම් වැඩපිළිවෙල හදුන්වාදීමත් සමඟ තම බල ප්‍ර‍දේශ වල ආපදාවක් සිදු වන අවස්ථාවක ආපදා සහන සේවා සඳහා වූ ඇස්තමේන්තුගත මුදල් ඉල්ලා සිටීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හැකියාව ඇත. එය ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ රක්ෂණ සැළසුම් යටතේ අත්තිකාරමක් ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙන් ලබා ගත හැක. එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආපදා තත්වයේ ප්‍රමාණය අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අතර මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු කෙරේ.o NDRSC.

ශ්‍රී ලංකාවේ නවතම ආපදා තත්වය

2016 මැයි අග භාගයේ දී ශ්‍රී ලංකාවට සුළි කුණාටු සමඟ මෝසම් වැසි ලැබීම නිසා ඇති වූ ගංවතුර හා නායයාම් මගින් පුද්ගල මරණ 71 කුත් 127 දෙනෙකු ආගිය තැන් නැති වීමටත් පුද්ගලයන් 319,000 වැඩි ප්‍රමාණයක් අවතැන් වූ අතර අයහපත් කාලගුණික තත්වය මත පුද්ගලයන් 427,000 වැඩි පිරිසකට බලපෑම් ඇති කර තිබුනි.

රජයේ තක්සේරු කිරීම් වලට අනුව, පවුල් 105,360 ට අයත් පුද්ගලයන් 427,918 දෙනෙකු ගංවතුර හා නායයාම්වලින් පීඩාවට ලක් වී ඇති බව 2016 මැයි 20 දිනට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය නිකුත් කළ තත්ව වාර්තාවේ දක්වා ඇත. පීඩාවට ලක් වූ මුළු සංඛ්‍යාවෙන් පවුල් 64,308 කට අයත් පුද්ගලයන් 319,507 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 602 කට යොමු කර ඇත. නිවාස 474 ක් පමණ පූර්ණ ලෙස හානි වී ඇති බවත් නිවාස 3,674 ක් ගංවතුරෙන් හා නායයාම් වලින් අර්ධ ලෙස හානියට පත් වී ඇත.

සිදුවීම් අධ්‍යයන හා ජා.ගො.ප.සං. කාර්යභාරය

ගංවතුර හානි තක්සේරුව - කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ‍කොට්ඨාශය

දැඩි මෝසම් වැසි වල ප්‍රතිඵලයක් ලෙස, පෝෂක ප්‍රදේශවලට උතුරින් දැඩි වර්ෂාපතනය හා කුණාටුමය ගංවතුර (බෙංගාල බොක්කේ අඩු පීඩන තත්වයක් වර්ධනය විම නිසා) නිසා හදිසි ගංවතුර ඇති වේ. නාගලගම් වීදියේ ගංගා මාපකය දක්වා සිටින අන්දමට කැළණි ග‍ඟේ ජල මට්ටම් සංඛ්‍යාමය ලෙස දක්වා ඇත. මෙම මාපකයේ ජල මට්ටම (අඩි 5 – 7 අතර) අනුව, සුළු ගංවතුර තත්වයක් ඇති වන අතර ජල මට්ටම අඩි 7 ඉක්මවන විට මහා පරිමාණ ගංවතුර තත්වයක්  ඇති වේ. මෙම ස්ථානයේ ජල මට්ටම අඩි 9 ඉක්මවා යන අවස්ථාවක් යනු භයානක ගංවතුරක් ලෙස සැලකේ. 1965 සිට 2011 දක්වා කාලය තුල අවස්ථා තුනකදී කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය භයානක ගංවතුර අවස්ථා වලින් හානි ගෙන දී ඇත. පසුගිය දත්ත වලට අනුව, 1957 වසරේ දී ද  ගංවතුරෙන් ප්‍රදේශය හානි වී ඇත. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය නැවත වතාවක් 2016 මැයි 18 වන දින භයානක ගං වතුරකට ලක් විය. කොළොන්නාව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ දත්ත වලට අනුව ග්‍රාම නිලධාරි කොට්ඨාශ 40 ක නිවාස 28,657 ක් පූර්ණ ලෙස හෝ අර්ධ ලෙස හානියට ලක් වි ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨෘශ තුල නායයාම් අවදානම් තක්සේරු අත්දැකීම් පාදක කර ගෙන, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ගංවතුර හානි තක්සේරු කිරීම සඳහා ප්‍රතිපාදන ලබා දී ඇත. ඒ අනුව කොළොන්නාවේ ගංවතුර හානි තක්සේරුව සිදු වෙමින් පවතී. තවද, ගොඩනැගිලි වලට වන හානිය ඇස්තමේන්තු කිරීම සඳහා පශ්චාත් ආපදා නිවාස හානි පිරිවැය අය කිරීමේ ඇස්තමේන්තු මාර්ගෝපදේශයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සකසා ඇත. හානියට ලක් වී ඇති එක් එක් ගොඩනැගිල්ලේ ගංවතුර හානි තක්සේරුව ඇගැයීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්‍ෂණික නිලධාරීන් විසින් සමීක්ෂණ අයදුම්පතක් භාවිතා කෙරේ. 

damage houses1   damage houses2  damage houses3
ගංවතුරෙන් හානි වූ ගොඩනැගිලි

අවසානය

රටක් වශයෙන් ගත් කළ, ශ්‍රී ලංකාව ස්වභාවික විපත් රැසකට ලක් වූ රටකි. ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ආවරණයක් පිහිටුවීම යනු රටේ ආර්ථිකය හා සංවර්ධනය නැවත ගොඩනැගීම සඳහා වූ ඉදිරිගාමී පියවරකි. මෙම රක්ෂණාවරණය නිරීක්ෂණ ක්‍රමයක් සකසා ඒ සමඟ ක්‍රියාවට නැංවිය යුතුවේ. නිරීක්ෂණ කටයුතු පළාත් පාලන ආයතනවල මගපෙන්විම අනුව සිදු කළ යුතු අතර ඉන් අත් වන වාසි ආපදා වින්දිතයන් අතර නිවැරදි හා සැබෑ ප්‍රමාණයන්ගෙන් බෙදා දිය හැකි වනු ඇත.

ජාතික ස්වභාවික ආපදා රක්ෂණවරනයේ වලංගු කාලය 2016 වසර අවසානයේ දී කල් ඉකුත් වීමට නියමිතය. නිවැරදි ක්‍රමවේදයක් තුල ආපදාවකට පසුව වැඩි සහන, පුනරුත්ථාපනය සහ නැවත ගොඩනැගීමේ කටයුතු සිදු වන තෙක් මෙම ක්‍රමවේදය රට තුල අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු වේ.

මෙම ස්වභාවික ආපදා රක්ෂාවරණය ක්‍රමවත් කිරීම සඳහා රට තුල “වඩාත් යහපත් පුනරුත්ථාපනය” ඇති කිරීම අරමුණු කර ආපදා පශ්චාත් ඉදිකිරීම් වැනි සංවර්ධන මාර්ගෝපදේශ සැකසිය යුතුව ඇත.

aranayake evacuation center
අරණායක ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ඉදිකිරීම් සිදු කෙරෙමින්

ශ්‍රී ලංකාව මත අඩු පීඩන තත්වයක් ඇතිවීම මගින් 2016 මැයි මස සිට මුළු රට පුරා මෝසම් වැසි අඛන්ඩව ඇති වේ. එමගින් රට පුරා ඇති දිස්ත්‍රික්ක 22 කට නායයාම් හා ගංවතුර ලෙස හානි ගෙන දෙනු ලැබිනි. මෙම ආපදා තත්ත්වය අවසන් වූ වහාම, ගං වතුර හා නායයාම් වින්දිතයන් හට අවශ්‍ය සහන සඳහා මූල්‍ය සහාය ලබා දීමට ආයතන ගණනාවක් ඉදිරිපත් විය. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ආධාර වල කොටසක් ලෙස, වත්තල, බදුල්ල හා අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල ඉවත් කිරීමේ මධ්‍යස්ථාන ඉදි කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කෙරිනි. ආපදා කළමණාකරන අමාත්‍යාංශයේ තාක්ෂණික ආයතනය ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO)  වෙත මෙම ඉවත් කිරීමේ මධ්‍යස්ථාන ඉදිකිරීම පවරා ඇත.

මෙම ඉවත් කිරීමේ මධ්‍යස්ථාන ඉදිකිරීමේ අරමුණු වන්නේ කෙටි කාලයක් සඳහා නායයාම් හා ගංවතුරු වින්දිතයන්ට නවාතැන් ලබා දීමත් ඔවුන්ගේ සුබසාධනය සැලසීමත්ය.  ඉවත්  කිරීමේ මධ්‍යස්ථාන වල සැළසුම් පිරිවිතර අතර ආසන්න වශයෙන් 100 දෙනෙක් සඳහා ප්‍රජා ශාලාවක්, කාර්යාල කාමරයක්, ගඩබා කාමරයක්, ආහාර සැකසී‍මේ ඉඩ ප්‍රමාණයක්, අත් සේදුම් පහසුකම්, වැසිකිලි පහසුකම්, ළමා සෙල්ලම් පිටියක් හා වාහන ගාල් කිරීමේ ප්‍ර‍දේශයක් ඇතුළත් වේ.  ඉවත් කිරීමේ ස්ථානයක අභ්‍යන්තර ඉඩ ප්‍රමාණය වර්ග අඩි 6052 කි. ඉවත් කිරීමේ ස්ථාන නගර ප්‍ර‍දේශයට සමීපව ස්ථාපනය කරන අතර ආපදා වින්දිතයන් වැඩි ප්‍රමාණයක් සඳහා ඉඩ ලබා දීම අරමුණු කර ඇත.

front elevation side elevation
ගෘහනිර්මාණාත්මක රූපය

2016 මැයි මස රට පුරා ඇද හැළුනු මෝසම් වර්ෂාපතනය මගින් නායයාම් හා ගංවතුර නිසා රටේ දිස්ත්‍රික්ක 22 ක හානිගෙන දීමට සමත් විය. මෙම ව්‍යවසනයේ ප්‍රතිඵලයක් ලෙස, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 168 ක් අවතැන් විය. තවද, පවුල් 1930 ක් දිස්ත්‍රික්කය තුල ඇති වැඩි නායයාම් අවදානම හමුවේ ආරක්ෂිත ස්ථානවලට ගෙනයාම සිදු විය. එම අවස්ථාව වන විට එල්ල වී ඇති නායයාම් අවදානමෙන් ආරක්ෂාවීම සඳහා පවුල් 2000 ක් පමණ නැවත පදිංචි කරවීමට රජය තීරණය කෙරිනි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) තාක්ෂණ සහාය ඇතිව මෙම පවුල් නැවත පදිංචි කරවීමේ කටයුතු සිදු වෙමින් පවතී. නිවාස ඒකකයක ඇස්මේන්තුගත පිරිවැය ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.2 කි. දේශීය හා විදේශීය දානපති නියෝජිතායතන විසින් නැවත පදිංචි කිරීමේ ක්‍රියාදාමයේ (උදා - මාර්ග වැඩිදියුණු කිරීම්, තාවකාලික වාසස්ථාන ඉදිකිරීම, නිවාස තැනීම වැනි) කටයුතු කර ගෙන යාමට අවශ්‍ය අරමුදල් සැපයේ. 

 

කෑගල්ල දිස්ත්‍රික්කයේ මහා පරිමාණ නැවත පදිංචි කිරීම් යනු මෙම ක්‍රියාදාමයට සම්බන්ධව සිටින උනන්දුවක් දක්වන්නන් හට අත් වූ වෙනස් අත්දැකීමකි. නැවත පදිංචි කිරීමේ ක්‍රියාදාමයේ ඒකාබද්ධ තීරණයක් ලෙස, සැළසුම්කරණ, නිර්මාණ හා ඉදිකිරිම් පියවර යටතේ පහත දැක්වෙන අංග ඇතුළත් කර ඇත.

project4 org

 

සැළසුම් හා ඉදිකිරීම් වලටදී අවශ්‍ය තාක්ෂණ සහාය පහත පරිදි ජා.ගො.ප.සං. ලබා දේ.

සැළසුම්කරණය

ඉඩම් තේරීම

ඉඩම් තේරීමේ ක්‍රියාවලිය ජාගොපසං තාක්ෂණික මගපෙන්වීම ඇතිව දිස්ත්‍රික් ‍ලේකම්වරුන්‍ගේ ප්‍රධානත්වයෙන් සිදු වේ. නව වාසස්ථාන සඳහා ඉඩම් යෝග්‍යතාවය ආපදා අවදානම, භෞතික හා සමාජයීය යටිතල පහසුකම් වලට ඇති ප්‍රවේශය සහ රැකියා අවස්ථාවලට ඇති පහසුව හා පෙර වාසස්ථානවලට ඇති දුර යන කරුණු මත සළකා බැලේ.

ඉඩම් සංවර්ධනය

එක් එක් කැබලි කළ සැලසුම් සළකා බැලිම හා අනුමැතිය ලබා දිම ජා.ගො.ප.සං. විසින් සිදු කෙරේ. ජා.ගො.ප.සං. විශේෂඥ කණ්ඩායම පරිශ්‍ර පරීක්ෂා කිරීම කර ඉඩම් නැවත කැබලි කිරීමේ රෙගුලාසි, වැහි වතුර කළමනාකරණය සහ කඳුකර පළාත්වල ඉඩම් කැබලි කිරීමේ ජා.ගො.ප.සං. රෙගුලාසිවලට අනුව කැබලි කළ සැළසුම්වල අදාළත්වය ඇගයිම සිදු කරයි. ජා.ගො.ප.සං. නිර්දේශවලට අනුව ඉඩම් සැකසුම් (ඉඩම් එළිපෙහෙලි කිරීම,  මාර්ග තැනීම හා ජලපවාහන ජාල වැනි) කාර්යයන් සිදු කෙරිනි.

 

නිවාස සැළසුම්කරණය

 

ජා.ගො.ප.සං. “ආපදා ඔරොත්තු දෙන නිවාස ඉඳිකිරීම” නමින් හදුන්වන සංකල්පය යටතේ නිවාස සැළසුම් සකස් කරයි. අදාල ජාතික හා අන්තර්ජාතික ප්‍රමිති වලට ගැලපෙන පරිදි සංස්කෘතිකමය හා දේශගුණිකව උචිත, කල් පවත්නා, නඩත්තු කිරීමට පහසු, අනාගත වෙනස්කම් වලට අවස්ථා සළසමින්, නිවැසියන්ගේ සහයෝගය ද ලබා ගන්නා ලෙස නිවාස සැළසුම් වර්ග තුනක් ජා.ගො.ප.සං. සකස් කර ඇත. නායයාම්, දැඩි සුලං හා ගංවතුර වලට ඔරොත්තු දෙන ආපදා ප්‍රතික්‍රියා අංග විශේෂිතව ඇතුළත් කරමින් මෙම සැළසුම් සකසා ඇත.

 

ඉදිකිරීම්

ඉදිකිරීම් කළමනාකරණය

නිවාසවල තිරසාරත්වය සහතික කරමින් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් නිවාස ඉදිකිරීම්වල ප්‍රමිතිය ජා.ගො.ප.සං. අඛණ්ඩව නිරීක්ෂණයට ලක් කෙරේ.

 

ශිල්පීයත්වය

 

දිස්ත්‍රික්කය තුල නිවාස ඉඳිකිරීමේ නිරත පෙදරේරුවන් සඳහා ආපදා ඔරොත්තු දෙන නිවාස ඉඳිකිරීමේ ක්‍රමවේද පිළිබඳව පුහුණු වැඩසටහන් රාශියක් ජා.ගො.ප.සං. පවත්වා ඇත. පුහුණු වැඩසටහනේ අරමුණ ශිල්පීන්ගේ ඉදිකිරීම් කුසලතා වර්ධනය කිරීමයි.

houses1 houses2 
නිවාස ඉඳිකිරිම සඳහා සුදුසු ඉඩම් තේරිමේ ස්ථාන පරීක්ෂාව
 houses3 houses4 
ඉදිවෙමින් පවතින නිවාස

floor plan

ආපදාවලින් සුරැකි පරිසරයක් ඇති කිරීම යනු දැක්මට අනුව කටයුතු කරන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) ආපදා ඔරොත්තු දෙන ඉදිකිරීම් පිළිබඳව තම වැඩිදුර අධ්‍යයන සිදු කර ඇත. එහි ආරම්භක අදියර ලෙස, මෙම අධ්‍යයන වල ප්‍රධාන අවධානය ස්වභාවික ආපදා සිදුවන වාර ගණන සහ ඒ මගින් ඇති කරන නිවාස හානි සැලකිල්ලට ලක් කර නිවාස අංශය වෙත යොමු කෙරේ. ‍විසිරී යන පසක් සහිත ගංවතුර, නායයාම්, දැඩි සුලං හා සුනාමි වැනි ආපදාවලට පාත්‍ර වි ඇති ප්‍රදේශ වල ආපදා ඔරොත්තු දෙන අංග නිවාස ඉදිකිරීම් වලට ඇතුලත් කිරීමට මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කරයි.

මෙම තත්වය තුල, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මානව වාසස්ථාන සැළසුම්කරණ හා පුහුණු අංශය විසින් ආපදා වලට පාත්‍ර ව ඇති ප්‍රදේශවල ආපදා ඔරොත්තු දෙන ආදර්ශ නිවාස තැනිමේ වැඩසටහනක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව අරඹා ඇත. මෙම ව්‍යාපෘතිය මගින් ආපදා ඔරොත්තු දෙන ඉදිකිරීම් පිළිබඳව ජනතාව වඩා දැනුවත් කරවමින් උවදුරු වලින් ගහන ප්‍රදේශ වල තැනෙන ආදර්ශ නිවාස මගින් ආපදා ඔරොත්තු දෙන අංග දැනුවත් කරවයි. 

මෙම වැඩපිළිවෙලේ අවසාන ඉලක්කය වූයේ ආපදා වලට ලක් ව සිටින ජනතාව අතර ආපදා ඔරොත්තු දෙන තැනීම් ප්‍රවර්ධනය කිරීමටත් එමගින් දිගු කාලීනව නිවාස වලට වන හානිය අවම කර ගැනීමය. මෙම ව්‍යාපෘතියෙ ඊළග පියවර ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් උවදුරු වලට ඔරොත්තු දෙන නිවාස තැනීමේ අත්පොත පල කර ඇති අතර ‍ඔරොත්තු දෙන තැනීම් පිළිබඳව උනන්දුවක් දක්වන්නන් හට මෙම අත්පොත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයෙන් නොමිලයේ ලබා ගත හැක.

පහත දැක්වෙන රටේ විවිධ ජාතික වැඩපිළිවෙලවල්වලට අදාළව අද වන විට ජා.ගො.ප.සං. ආපදා ඔරෙත්තු දෙන ආදර්ශ නිවාස 10 ක් ආපදා වලට ලක්වූ විවිධ ප්‍රදේශවල ඉදි කර ඇත.

  • 2013 ජාතික ආරක්ෂිත දින සැමරුම් දිනය යටතේ ඉදිකළ ඔරොත්තු දෙන නිවාස;
    • අගලවත්තේ නායයාම් ඔරොත්තු දෙන නිවස
    • මිල්ලනිය ගංවතුර ඔරොත්තු දෙන නිවස
    • බේරුවල සුනාමි ඔරොත්තු දෙන නිවස
  • 2014 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකළ ‍ඔරොත්තු දෙන නිවාස;
    • බිංගිරියේ ගංවතුර ඔරොත්තු දෙන නිවස
    • මුන්දලමේ ගංවතුර හා දැඩි සුළං ඔරොත්තු දෙන නිවස
    • බුලත්කොහුපිටියේ නායයාම් ඔරොත්තු දෙන නිවස
  • 2014 ජාතික ආරක්ෂිත දින සැමරුම් දිනය යටතේ ඉදිකළ ඔරොත්තු දෙන නිවාස;
    • තිස්සමහාරා‍මයේ ගංවතුර ඔරොත්තු දෙන නිවස
    • කටුවන නායයාම් ඔරොත්තු දෙන නිවස
  • රජයේ දින 100 සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඉදිකළ ඔරොත්තු දෙන නිවාස  
    • බද්දේගම ගංවතුර ඔරොත්තු දෙන නිවස
    • රත්නපුර නායයාම් ඔරොත්තු දෙන නිවස

දැනට කෙරීගෙන යන ආදර්ශ නිවස ඉදිකිරීම් අතර ජා.ගො.ප.සං. 2016 පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන යටතේ නිවාස තුනක් ඉදිකෙරෙමින් පවතී.  විවිධ වර්ගවල බිත්ති ද්‍රව්‍ය යොදා තංගල්ල යායවත්තේ සුනාමි හා දැඩි සුලං වලට ඔරොත්තු දෙන නිවස ඉදි කෙරෙමින් පවතී.   

  • පන්නල ගංවතුර ඔරොත්තු දෙන නිවස සැළසුම් තලයේ ඇත.
  • පැල්මඩුල්ලේ නායයාම් ඔරොත්තු දෙන නිවස පරිශ්‍ර පිරික්සුම් තලයේ ඇත.

ඩ්‍රෝන සිතියම්කරණය හා ත්‍රිමාණ ආදර්ශක සැකසිම

ගුවන්ගත ජායාරූපමය සමීක්ෂණය යනු විවිධ වූ බිම් ප්‍රමාණ දැන ගැනීම සඳහා සහ වායුමය උපකරණ මගින් ඉඩම් බාවිත තොරතුරු දැන ගැනීමේ වැදගත් උපක්‍රමයකි. කෘෂිකාර්මික තීරණ ගැනීමේ දී, වන සත්ව විමර්ශන, ලගාවිය නොහැකි ප්‍ර‍දේශ සිතියම්කරණය, භෝග නිරීක්ෂණය සහ පතල් සමීක්ෂණය වැනි කාර්ය වලදී  මෙම ක්‍රමය බහුලව භාවිතා කෙරේ. ගොවිතැන් ප්‍රමාණ හා ඉඩම් භාවිතාව පිළිබඳ මුලික දත්ත ලබා ගැනීම සඳහා පරිශීලක අවශ්‍යතා වලට හා තොරතුරු අවශ්‍යතාවයට ගැලපෙන පරිදි අද වන විට විවිධ වර්ගවල දත්ත රැස්කිරීමේ උපකරණ ඇත. දැනට ඇති විකල්ප හා සන්සන්දනය කරන විට, පුද්ගලරහිත ආකාශ වාහන (UAVs) මගින් අඩු වියදම් සහිතව විවිධ ක්ෂේත්‍ර වලට අවශ්‍ය තීරණ ගැනීමේ දී නිවැරදි හා වැදගත් දත්ත රැස් කිරීමේ ක්‍රමයක් වේ.

ඩ්‍රෝන ලෙස පොදුවේ හදුන්වනු ලබන පුද්ගලරහිත ආකාශ වාහන (UAVs) එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් තම ආරක්ෂක මෙහෙයුම් කටයුතු වලදී හමුදා විසින් මුල් සමයේ යොදා ගන්නා ලදී.  පුද්ගලරහිත ආකාශ වාහන හමුදාමය කටයුතු සඳහා අද වන විට කිසිසේත්ම යොදා නොගන්නා අතර සෙලියුලර් මොඩියුල තාක්ෂණයේ නව සොයා ගැනීම් සමඟ ඒවා පෙරට වඩා බහුලව ලබා ගැනීමටත් අඩු වියදමකින් ලබා ගැනීමේ හැකියාව ඇත. සිතියම් ඇදීම, ප්‍රචාරක දැන්වීම්, බෙදා හැරීම්, නීතිය ක්‍රියාවට නැංවිම, පාරිසරික අධ්‍යයන සහ කෘෂිකර්මාන්තයේ දී බොහෝ රටවල් ඩ්‍රෝන වාණිජමය ලෙස අද වන විට භාවිතා කෙරේ. එමෙන්ම, ඩ්‍රෝන මගින් සෘජුව ජන මාධ්‍ය විකාශන සඳහා යොදා ගැනීම මගින් කිසියම් සිදුවීමක් සම්බන්ධව සජීවි කරුණු වාර්තා කිරීමට හැකිවිම ජනමාධ්‍ය වාර්තාකරුවන්ට හා නීතිය ක්‍රියාවට නංවන නිලධාරීන්ට ප්‍රයොජනවත් වේ.

අද වන විට ඩ්‍රෝන තාක්ෂණයන්හි අඩු වියදම් හා ප්‍රයෝජනවත් යන කරුණු නිසා, ආරක්ෂාකාරීව ලාභදායීව හා වඩාත් සක්‍රිය ලෙස භූ අවකාශ සිතියම්කරණය සහ විමර්ශනය සඳහා ඩ්‍රෝන භාවිතා කිරීමට උපකාරී වේ. තවද, එමගින් සැළසුම්කරණය හා සංවර්ධනයේ දී සැළසුම්කරුවන්ට හා තීරකකරුවන් හට ප්‍රදේශයක් පිළිබඳව වඩාත් නිවැරදි, තොරතුරු විශාල ප්‍රමාණයක් ලබා ගැනීමේ දී ඉතාමත් වැදගත් වේ.

ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සතු කැමරා ඩ්‍රෝන මගින් ද භූ අවකාශ සිතියම්කරණය, ඩිජිටල් මතුපිට නිරූපකරණය (DEM), ඩිජිටල් භුමිභාග නිරූපකරණය (DTM), සමෝච්ච රේඛා ඇදීම, රටේ විවිධ ප්‍රදේශ වල ආපදා අවදානම් තක්සේරු කිරීම් හා කළමනාකරණයේ දී භාවිතා කෙරේ. ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් පහත දැක්වෙන ව්‍යාපෘති ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිදු කර ඇත.

  • සීමා. හේලිස් ෆැබ්රික් (පුද්.) සමාගම සඳහා ගංවතුර අවදානම් තක්සේරුව - කළුතර කර්මාන්ත ශාලා පරිශ්‍රය
  • නායයාම් ප්‍රදේශ කඩිනම් පශ්චාත් තක්සේරුව හා 3D මොඩල සැකසීම - නියදිගල නායයාම් ස්ථානය  
  • භූ අවකාශ සිතියම්කරණය
  • පැලියගොඩ, අනුරාධපුර හා රාගම සංවර්ධන ව්‍යාපෘතිවලදී උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපාතිය (SCDP) සහ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) ට සහාය දැක්වීම
  නියදිගල (අරණායක) නායයාම් සිදුවිමේ පශ්චාත් නිගමනය:
damaged land damaged land2
හානිවූ ඉඩම් භාවිතාව පාංශු සෝදායාම හා පිරවීම
 භූ අවකාශ සිතියම්කරණය  
flood risk estimation mahadivulwewa gn division