සුරක්ෂිත පරිසරයක් තැනීම යන දැක්ම යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) ආපදා ඔරොත්තු දෙන ඉදිකිරීම් පිළිබද අධ්‍යයන සිදු කර ඇත. එහි මූලික අදියර ලෙස, මෙම අධ්‍යයනවල ප්‍රධාන අවධානය යොමු කර ඇත්තේ ස්වභාවික ආපදා සිදුවන තත්වය හා ඒවා මගින් නිවාසවලට ඇති කරන හානිවල දරුණුකම සැළකිල්ලට ගෙන නිවාස ක්ෂේත්‍රය වෙතටය. ගං වතුර, නායයාම්, තද සුලං හා සුනාමි හෝ විසුරුම් පසක් සහිත ප්‍රදේශ වැනි ආපදාවලට ලක් වන ස්ථාන පිහිටි පරිශ්‍රවල නිවාස ඉදිකිරිමේ දී ආපදා ඔරොත්තු දෙන අංග ඇතුළත් කිරීමට අද වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය නිර්දේශ කෙරේ.

මෙම තත්වය තුල, ජා.ගො.ප.සං. යේ මානව ජනාවාස හා පුහුණු අංශය විසින් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව නායයාම්වලට පාත්‍ර වූ ප්‍රදේශවල ආපදා ඔරොත්තු දෙන ආදර්ශ නිවාස තැනී‍‍මේ වැඩසටහනක් අරඹා ඇත. මෙම ව්‍යාපෘතිය තුල, ආදර්ශ නිවාස මගින් ආපදා ඔරොත්තු දෙන ඉදිකිරීම් පිළිබඳව ජනතාවගේ දැනුවත් බව වැඩිකර උපද්‍රවවලට ලක්ව ඇති ප්‍රදේශවල ආපදා ඔරොත්තු දෙන ලක්ෂණ විදහා දැක්වෙන නිවාස ඉදිකර ඇත.

මෙම වැඩසටහනේ අවසාන ඉලක්කය වූයේ ආපදාවලට පාත්‍රවී සිටින ජනතාව අතර ආපදා ඔරොත්තු දෙන ඉදිකිරීම් සිදු කිරීමේ ප්‍රවනතාවය ඇති කිරීම මගින් නිවාසවලට දිගුකාලීනව විය හැකි හානි අවම කිරිමයි. මෙම ව්‍යාපෘතියේ මීලඟ පියවර ලෙස, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මුද්‍රණය කර ඇති “උවදුරුවලට ඔරොත්තුදෙන නිවාස ඉදිකිරීමේ අත්පොත” වන අතර එය ඔරොත්තු දෙන නිවාස ඉදිකිරීම කෙරෙහි උනන්දුවක් දක්වන ජනතාවට ජා.ගො.ප.සං. ප්‍රධාන කාර්යාලයෙන් නොමිලේ ලබා ගැනීමට හැකියාව ඇත.

මේ වන විට, ජා.ගො.ප.සං. විසින් ආපදා ඔරොත්තු දෙන ආදර්ශ නිවාස 10 ක් රටේ විවිධ වූ ජාතික වැඩසටහන්වලට අදාළව ආපදාවලට  පාත්‍රව ඇති විවිධ ප්‍රදේශයන්හි පහත පරිදි තනා ඇත.

  • ජාතික සුරක්ෂිතතා දින සැමරුම් වැඩසටහන යටතේ ඉදිකළ ‍ඔරොත්තු දෙන නිවාස - 2013
    • අගලවත්තේ නායයාම් ඔරොත්තු දෙන නිවස
    • මිල්ලනිය ගංවතුර ඔරොත්තු දෙන නිවස
    • බේරුවල සුනාමි ඔරොත්තු දෙන නිවස
  • 2014 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකළ ඔරොත්තු දෙන නිවාස
    • බිංගිරිය ගංවතුර ඔරොත්තු දෙන නිවස
    • මුන්දලම ගංවතුර හා දැඩි සුලං ඔරොත්තුදෙන නිවස
    • බුලත්කොහුපිටිය නායයාම් ඔරොත්තු දෙන නිවස
  • ජාතික සුරක්ෂිතතා දින සැමරුම් වැඩසටහන යටතේ ඉදිකළ ‍ඔරොත්තු දෙන නිවාස - 2014
    • තිස්සමහාරාම ගංවතුර ඔරොත්තු දෙන නිවස
    • කටුවන නායයාම් ඔරොත්තු දෙන නිවස
  • රජයේ දින සියයේ සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකළ ඔරොත්තු දෙන නිවාස
    • බද්දේගම ගංවතුර ඔරොත්තු දෙන නිවස
    • රත්නපුර නායයාම් ඔරොත්තු දෙන නිවස

වත්මන් ආදර්ශ නිවස තැනීමේ කටයුතු අතර ජා.ගො.ප.සං. 2016 පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන යටතේ නිවාස තුනක් ඉදිවෙමින් පවතී ඇතුළත් වේ.

  • තංගල්‍ල යටවත්තේ සුනාමි හා දැඩි සුළංවලට ඔරොත්තු දෙන නිවස - විවිධ වර්ගවල බිත්ති ද්‍රව්‍ය යොදා මේ වන විට ඉදිවෙමින් පවතී.
  • පන්නල ගංවතුර ඔරොත්තුදෙන නිවස - සැළසුම් තත්වයේ ඇත.
  • පැල්මඩුල්ල නායයාම් ඔරොත්තුදෙන නිවස - පරිශ්‍ර පිරික්සුම් තලයේ පවතී.