හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හපුවලකුඹුර ග්‍රාම නිලධාරි වසමේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ 7 වන සැතපුම් කණුව ආසන්නයේ මාර්ගය 2024.01.09 දින රාත්‍රි 9.00ට පමණ නායයෑමකට ලක්වී ඇත. මෙම නායයෑමෙන් කොළඹ බදුල්ල මාර්ගය රථවාහන ධාවනය සඳහා සම්පුර්ණයෙන් අවහිර වී ඇත.

මෙම ස්ථානය 2024.01.10 දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් විසින් පරීක්ෂණයට ලක් කොට ඇති අතර නාය සුනබුන් ඉවත් කිරිමට සහ නායගිය ප්‍රදේශයේ තවදුරටත් සිදුවිය හැකි භුමි අස්ථාවරවීම් වැලැක්වීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

ඔබ ජීවත්වන්නේ නායයෑම් අවදානම් සහිත කඳුකර ප්‍රදේශයක නම් වර්ෂාව පවතින අවස්ථාවන්හිදි මාර්ගයන්හි ගමන් කිරීමේදි සිදුවිය හැකි භු අස්ථාවරවීම්/ ගල්පෙරලීම් පිළිබද සැලකිලිමත් වන්න. තද වැසි සමඟ කණ්ඩි කඩා වැටීම් සහ නායයෑම් වලින් සිඳුවිය හැකි ජීවිත සහ දේපල හානි අවම කර ගනිමු.

Source: Badulla District Office/ NBRO

9e155e89 d659 4589 ae1d 147fa6b6a94c

b63cbe73 4905 4059 8fbc c5e89f985dd8

c4ab6220 c156 4814 bd0d 1d42d0c1352a