හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කලිපානවෙල ග්‍රාම නිළධාරී වසමේ කඳුකර, බෑවුම් සහිත ප්‍රදේශයක 2023.12.09 දින නායයෑමක් සිදුවී ඇත.

2023.12.08 වන දින මෙම ප්‍රදේශයේ නායයෑම් පූර්ව ලක්ෂණ නිරීක්ෂණය වීමෙන් අනතුරුව පළාතේ රාජ්‍ය ආයතන නිළධාරීන් විසින් අදාළ ස්ථානය පරීක්ෂා කර නායයෑම් අධි අවදානම් ලෙස හදුනාගත් පවුල් 25ක් පමණ එම ස්ථානයෙන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇත.

2023.12.09 දින වනවිට මෙම ස්ථානය නායයෑමකට ලක් වූ අතර නායට පෙර අවදානම් සහිත පුද්ගලයින් එම ප්‍රදේශයෙන් ඉවත්කර තිබීම හේතුවෙන් කිසිදු ජීවිතයකට හානියක් සිදු වී නොමැත. පෙර හඳුනාගත් නායයෑම් අධි අවදානම් නිවාස 6ක් මෙම සිදුවීමෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇත. තවද, ඒ අවට ජනතාවට නාය පිළිබඳ ව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් උපදෙස් ලබාදී ඇත.

ඔබ ජීවත් වන්නේත් නායයෑම් අවදානම් සහිත කදුකර ප්‍රදේශයකනම්, නායයෑම් පූර්ව ලක්ෂණයන් පිළිබදව විමසිලිමත් වෙමු. තද වැසි සමග කණ්ඩි කඩා වැටීම් සහ නායයෑම් වලින් සිදුවිය හැකි ජීවිත සහ දේපල හානි අවම කර ගනිමු.

Source: Badulla District Office/ NBRO

ff24c4fb de30 4cfb a2d0 b79e34fde69b