ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පේරාදෙණිය ග්‍රාම නිලධාරී වසමේ පේරාදෙණිය හන්දිය ආශ්‍රිත ප්‍රදේශයේ බෑවුම් කොටසක් 2023.11.21 දින රාත්‍රී 11.00ට පමණ අස්ථාවර වීමකට ලක් වී ඇත.

මෙම සිදුවීමෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර අසල පිහිටි වෙළඳසැල් 4කට පූර්ණ හානි සිදුවී ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් අනතුරුව වෙළඳසැල් 5ක් නාය අධි අවදානම් ප්‍රදේශයේ පවතින බව හඳුනාගෙන ඇති අතර එම වෙළඳසැල්වල ජනතාව වෙළඳ කටයුතුවලින් තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත්කර ඇත.

මෙම ස්ථානය 2006 සහ 2009 වර්ෂයේ දී ද නායයෑමට ලක් වූ අතර එය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අවම කිරීමේ ව්‍යාපෘතියක් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබිණි. 2011 වසරේදී එහි පළමු අදියර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ක්‍රියාත්මක කර අවසන් කරන ලද අතර දෙවන අදියර විවිධ හේතුමත මෙතෙක් ක්‍රියාත්මක නොවුණි. එවන් පසුබිමක පසුගියදා මෙම අවාසනාවන්ත සිදුවීම එම දෙවන අදියර යෝජනා කර තිබූ කොටස ආශ්‍රිතව සිදුවූ අතර නායයෑම් අවදානම අවම කිරීමේ ව්‍යාපෘතියෙහි පලමු අදියර අවසන්කොට තිබීම හේතුවෙන් විශාල හානියක් වලක්වා ගතහැකි විය.

f76ed26d 14a7 48a5 9db2 9faabc39377a

bb206e53 96e3 4b2f 81b1 a3a460ffba1f

efe228a8 f63f 485a 94d3 7b56d4f46c81

e9d4ac97 6d65 4ac5 8fc8 368a7f339baf