අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පෝඩාපේ කන්ද 2023.11.16 දින රාත්‍රී 9.30ට පමණ නායයෑමකට ලක් වී ඇත. මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හෝ නිවාස හානි වාර්තා වී නොමැති අතර අසල තිබූ තේ හා රබර් වගාවට හානි සිදු වී ඇත.

මෙම නාය ස්ථානය 2016 වසරේ දී ද නායයෑමකට ලක් වූ අතර එහිදී නාය අධිඅවදානම් පවුල් 30ක් ආරක්ෂිත ස්ථාන වෙත නැවත පදිංචි කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ සහ තාක්ෂණික සහයෝගය ඇතිව සිදුකර ඇත. එබැවින් 2023.11.16 වන දින සිදු වූ නායයෑමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවූ අතර අවදානම් සහිත නිවාස තුනක ජනතාවට අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය උපදෙස් ලබාදී ඇත.

 0a85992d 8767 4a4b 81db 35c3c0e168fe

bb1c38e4 bdd7 47c2 b68d e4b95b9c06f0

e36eb42d a51d 47aa 85ca 9ae8b222e70d