ඔබේ පරිශ්‍රය මතුපිට සහ යට ඇති පස්, පාෂාණ සහ යටි පාෂාණ පදාර්ථ යනු ඔබේ ඉදිකිරීම්වල තීරණාත්මක සාධකයකි. අපගේ භූ තාක්ෂණික සේවා මගින් විවිධ වර්ගවල පරීක්ෂා කිරීම් රැසක් ඔබට ලබා දෙන අතර, උපපෘෂ්ඨ ආකෘතින් හදුනා ගැනීම සඳහා හා ඔබේ යෝජිත ව්‍යුහ සමඟ පාංශු කොටස් ප්‍රතික්‍රියා දක්වන අයුරු අවබෝධ කර ගෙන නිවැරදි නිර්දේශ ඔබට ලබා දෙන ඔබේ පරිශ්‍රයේ මතු පිට හා උපපෘෂ්ඨ යන ගවේෂණ වර්ග දෙකම සිදු කරයි.

නායයාම් අධ්‍යයන පිළිබඳ රටේ එකම ආයතනය ලෙස නායයාම් අවම කිරිම සඳහා ස්ථානීය හා විද්‍යාගාර පරික්ෂණ, උපකරණ සවිකිරීම්, නිරීක්ෂණ්‍ය හා දත්ත වි‍ශ්ලේෂණ මගින් අප ජනතාවට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සදහා අප අපගේ භූ තාක්ෂණික සේවා ලබා දෙන්නෙමු.

අප විසින් ලබා දෙන ස්ථානීය පරීක්ෂණ හා සවි කිරීම් පහත දක්වා ඇත.

  • භූ තාක්ෂණික පරීක්ෂණ
    • හැරූ සිදුරු පරීක්ෂණ/ wash boring
    • තිරස් තව් විදීම
    • ප්‍රමිති විනිවිද යන සුළු පරීක්ෂාව
    • මැකින්ටොෂ් ප්‍රෝබ් පරීක්ෂාව
    • පාංශු පාරගම්‍යතා පරීක්ෂාව
    • Vane Shear පරීක්ෂාව
    • ක්ෂේත්‍ර CBR පරීක්ෂාව
    • ආලේපිත දැරීම් පරීක්ෂාව
    • ආලේපිත විබර පරීක්ෂාව
    • ගතික කේතු විනිවිද යන සුළු පරීක්ෂාව (DCPT)/ ස්ථිතික කේතු විනිවිද යන සුළු පරීක්ෂාව (SCPT)
    • ක්ෂේත්‍ර ඝණත්ව පරීක්ෂාව (වැලි කේතු පරීක්ෂාව)
    • Hand Auguring
    • test pit logging & නොකැළතු නියැදි එකතු කිරීම
    • piezometers, extensometers, pipe strain gauges, Inclinometers සවි කිරීම
  • භූ භෞතික පරීක්ෂණ 
    • භූ - විද්‍යුත් පිරික්සීම් (ප්‍රතිවිරෝධතා සමීක්ෂණය)
    • භූමිකම්පා පිළිබඳ සමීක්ෂණය
    • GPR
  • භු තාක්ෂණික පරීක්ෂණ
    • භූ විද්‍යාත්මක සිතියම් ගත කිරීම
    • පර්වත හා පස් වර්ගීකරණය
  • ජල භු තාක්ෂණික පරීක්ෂණ
    • හෑරූ සිදුරුවල ජල පීඩන පරීක්ෂාව (ලියුගන් පරීක්ෂාව)

කොක්මාදුවේ භූ විදුම් පරීක්ෂණ

ඇලහැර පැකර් පරීක්ෂණ

හබරණ පිරික්සුම් වල

 

ඉඹුල්පේ භූමිකම්පා සමීක්ෂණය හා කහගාල්ලේ කලුපහන දැඩි ඝනත්ව විදුලි ශබ්දකරණය

නායයාම් නිරීක්ෂණ උපකරණ සවි කිරීම/ LDPP (pipe strain gauge, inclinometer and extensometer)

නායයාම් නිරීක්ෂණය/ LDPP