ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රත්මල්දෙණිය ප්‍රදේශයේ 2023.11.13 දින දහවල් 2ට පමණ නායයෑමක් වාර්තා වී ඇත. මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හෝ නිවාස හානි වාර්තා වී නොමැති අතර අසල තිබූ කුඹුරු යායට සුන්බුන් ගලා යාමෙන් හානි සිදු වී ඇත. නාය ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව අවදානම් සහිත නිවාස හතරක ජනතාව තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට අවශ්‍ය උපදෙස් අදාල අංශ වෙත ලබාදී ඇත.