“ආපදා ඔරොත්තු දෙන නිවාස තැනීම් අත්පොත” සැකසීම

සැළසුම තුල ආපදා ඔරොත්තු දෙන අංග ඇතුළත් වන සේ සහ නිවැරදි ඉඳිකිරීම් ක්‍රමවේද අවබෝධ කර දෙමින් නිවාස තනන්නන් හා ඉදිකිරීම් වෘත්තිකයන් හට අවශ්‍ය වන අත්පොත් සැකසීම මේ වන විට අවසන් කර මුද්‍රණය කර ඇත. එහි පිටපත් මේ වන විට උනන්දුවක් දක්වන ආයතන වෙත ලබා දී ඇති අතර සිංහල හා දමිල භාෂාවලට අත්පොත පරිවර්තනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

ප්‍රධාන ආපදා සඳහා අවශ්‍ය සැළසුම්ගත ආපදා ඔරොත්තු දෙන නිවාස තැනීම

මෙම පර්යේෂණ ව්‍යාපෘතිය තුල ආපදා ඔරොත්තු දෙන අංග සහිත ආදර්ශ නිවාස කිහිපයක් සැළැසුම් කර ඉදි කරන ලදී.  ඒවා පිළිබඳ විස්තර පහත දක්වා ඇත.

  • ඔරොත්තු දෙන ආදර්ශ නිවාස තුන, හම්බන්තොට දිස්ත්‍රික්කය (කටුවන - නායයාම, තිස්සමහාරාම - ගංවතුර, කිරින්ද - සුනාමිය)
  • ඔරොත්තු දෙන ආදර්ශ නිවාස තුන, කලුතර දිස්ත්‍රික්කය (අගලවත්ත - නායයාම, මිල්ලනිය - ගංවතුර සහ බේරුවල - සුනාමි)
  • ඔරොත්තු දෙන ආදර්ශ නිවාස තුන (බිංගිරිය, පුත්තලම දිස්ත්‍රික්කය - ගංවතුර, මුන්දලම, පුත්තලම දිස්ත්‍රික්කය - දැඩි සුලං, සහ කොටියාකුඹුර, කෑගල්ල දිස්ත්‍රික්කයේ - නායයාම)
  • ඔරොත්තු දෙන ආදර්ශ නිවාස තුන - ඉදිවෙමින් පවතින (තංගල්ල- ගංවතුර, බද්දේගම - ගංවතුර, රත්නපුර - නායයාම)

තාප බලාගාරවල ගල් අගුරු දහන බිම් අළු යොදා අඩු බරැති බ්ලොක් ගල් සැකසීම

නොරොච්‍චෝලේ ගල් අගුරු බලාගාරයේ අපතේ යවන ද්‍රව්‍යයක් වන බිම් අළු සිමෙන්ති ගල් නව වර්ගයක් ලෙස වැඩිදියුණු කරමින් වැලි වෙනුවට ආදේශකයක් වශයෙන් භාවිතා කෙරිනි.  වැඩිදියුණු කළ ගල් වල ඉංජිනේරු හා රසායනික පදාර්ථ ප්‍රමිති වලට ගැලපෙන බව සොයා ගෙන තිබේ. වෙළඳපලට හදුන්වාදීම සඳහා මූලික සූදානමක් ලෙස ආදර්ශ නිවාස තැනීම පිළිබඳ වැඩිදුර පර්යේෂණ 2016 වසර තුල අඛණ්ඩව කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ පැරණි රජයේ ගොඩනැගිලි හා කුලී නිවාස පරීක්ෂා කිරීමේ ක්‍රමානුකූල ක්‍රමවේදයක් සැකසීම

කොළඹ නගරය තුල පැරණි ගොඩනැගිලි රැසක් පිහිටා ඇත. ඒවායින් කොටසක් කාර්යාල ගොඩනැගිලි ලෙස භාවිතා කෙරෙන  අතර අනෙක් ඒවා කුලී නිවාස ලෙස යොදා ගනී. මෙම අවස්ථා දෙකෙහිම පදිංචිකරුවන්ගේ ඝණත්වය ඉතා ඉහළය. මෙම අධ්‍යයනය මගින් ගිනි අවදානම හා ව්‍යුහාත්මක අංග තක්සේරු කිරීම සඳහා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් සකස් කෙරුන අතර, එවැනි ගොඩනැගිලි වල ආරක්ෂා මට්ටම තීරණය කිරීමේ විශ්ලේෂණාත්මක මෙවලමක් ලෙස යොදා ගත හැකිය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා නව ගොඩනැගිලි ද්‍රව්‍ය හදුන්වාදීම

ශ්‍රී ලංකාවේ ඉදිකිරිම් කර්මාන්තයට ගැලපෙන පියැසි වැසුම් ද්‍රව්‍යයක් හදුනා ගෙන සැකසීමේ අවශ්‍යතාවයක් අද වන විට මතු වි ඇත. මෙම අධ්‍යාපනය තුලින්, ශ්‍රී ලංකාවට පොදු පියැසි වැසුම් ද්‍රව්‍ය වල භෞතික යාන්ත්‍රික හා තාප පදාර්ථ සොයා බැලීම සිදු කරන ලදී.  කැලිකට් මැටි උළු, ඇස්බැස්ටස් රැලි තහඩු හා පීඩිත සිමෙන්ති උළු ශ්‍රී ලංකා ප්‍රමිති තත්ව වලට අනුකූලතාවය අදාල අවශ්‍යතා සමඟ ගැපීම පරීක්ෂා කෙරිනි. ලී ගේ ඩිස්ක් ක්‍රමය භාවිතා කර තාප සන්නායකතාවය පරීක්ෂා කෙරිනි.

නායයාම් උපද්‍රවය විශේෂිත කර ශ්‍රී ලංකාවේ ආපදා ඔරොත්තු දෙන ප්‍රජා ගොඩනැගිල්ල සඳහා විස්තීරන ප්‍රවේශය: ජා.ගො.ප.සං. යේ මැදිහත්වීම

මෑත කාලයේ ජනයාගේ එදිනෙදා ජීවිතටය බලපාන නායයාම් ආපදා අවදානම සහ ජීවිත/ ‍දේපල/ පරිසරයට හානි සිදුවීමේ අවදානම වර්ධනය වෙමින් පවතී. මෙම අධ්‍යයනය මගින් දැනට ඇති නීතිමය හා ක්‍රමවේදීය පද්ධති විමර්ශනයට ලක් කර ඇති අතර විස්තීරනය සකසා ඇති ආපදා ප්‍රජා ගොඩනැගිල්ල තර්ජනය අවම ලෙස නිර්මාණය කර ඇත.

පෙර සැකසුම් ගොඩනැගිලි පද්ධතියක් සැලසුම් කිරීම හා තැනීම

ගොඩනැගිල්ලක වියදම අඩු කර කෙටිකාලීනව ඉදිකල හැකිවිම හා ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල අඩුවීම නිසා පෙර සැකසුම් ගොඩනැගිලි තැනීම මෑත කාලයේ ලාභදායකය. සම්ප්‍රදායික ගොඩනැගිලි හා සංසන්දනාත්මකව පෙර සැකසුම් ගොඩනැගිලි වල කාර්යසාධනය තහවුරු කර ගැනීම සඳහා පෙර සැකසුම් ගොඩනැගිලිවල අභ්‍යන්තර තාප හා පාරිසරික සංඝටක පරික්ෂා කර ඇත. මෙම අධ්‍යයනය සාර්ථක කර ගැනීම සදහා පරිඝනක මොඩල සකස් කෙරිනි. ඒ හා සමාන අධ්‍යයනයක් මගින් බලශක්ති ඇතුළත් සම්ප්‍රදායික ගොඩනැගිලි පද්ධතියක හා පෙර සැකසුම් ගොඩනැගිලි පද්ධතිය අතර සංසන්දනයක් සිදු කෙරිනි.

පහත් බිම් ප්‍රදේශවල ආපදා ඔරොත්තු දෙන නිවාස සඳහා උපපෘෂ්ඨ භු තාක්ෂණික සිතියම්කරණය

පහත බිම් කඩවල නිවාස ඉදිකිරීමේ දී දුර්වල උපපෘෂ්ඨ තත්වය නිසා ගැටළුවලට නිතර නිතර මුහුණ දීමට සිදුවේ. ගොඩනැගිලි ඉදි කිරීමට සීමාසහිත ඉඩම් ප්‍රමාණයක් තිබීමත් ජනගහන වර්ධනයත් නිසා එවැනි ගැටළු විසදා සුදුසු ප්‍රායෝගික විසදුම් ලබා දීම අත්‍යවශ්‍ය වේ. ගත වූ වසර කිහිපය තුල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පැවැත්වූ භූ විදුම් පරීක්ෂණ වල ප්‍රතිඵල මෙම අධ්‍යයනයේ දි ඒකරාශි කර කොළඹ නාගරික ප්‍රදේශය සඳහා උපපෘෂ්ඨ සිතියමක් සකසා ඇත. කිසියම් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සැලසුම් කිරීමට පෙර ඒ පිළිබඳ අදහසක් ඇති කර ගැනීම සඳහා මෙම සිතියම උපකාරී වේ.

නියං බලපෑම් අවම කිරීම සහ දුප්පත්කම තුරන් කිරීම ආපදා අවදානම් පාලනය හා යල කන්නයේ වාරි ජලයේ ආර්ථික වැදගත්කම

නියං බලපෑම් සහ වියලි කාල වල නිතර ඇතිවන ජල හිඟයන් සහ ඇල මාර්ග හරහා ජලය බෙදාහැරීමේ ගැටළු මෙම අධ්‍යයනය මගින් හදුනා ගෙන ඇත. වියළි කාලවල භෝග විවිධාංගිකරණය මගින් ගොවීන්ගේ ශුද්ධ ආදායම් වැඩිවීමේ ක්‍රම මෙමගින් වැඩිදුරටත් සොයා බැලේ. සිද්ධි අධ්‍යයනයක් ලෙස හුරුළුවැව සළකා බලන විට, ඇල ජල මැණුම් විශාල ප්‍රමාණයක් හා ව්‍යුහගත ප්‍රශ්ණාවලි සමීක්ෂණ පවත්වා රැස් කරගත් දත්ත විශ්ලේෂණය සඳහා පරිඝණක ආදර්ශ සකස් කෙරිනි. බෙදුම් ඇල මාර්ග දිගේ විවිධ ස්ථාන සදහා යෝග්‍ය භෝග සම්මිශ්‍රනයන් හදුනා ගෙන ඇත. ඒ හා සමගාමී අධ්‍යයනයක් මගින් සම්ප්‍රදායික වාරි පද්ධතියක ඇති යටිතල පහසුකම්වල කාල සීමාව සැළකිල්ලට ගෙන හුරුළුවැව වාරිමාර්ග යටිතල පහසුකම් ආයෝජන ප්‍රතිලාභ හා එමගින් ඇති කරන බලපෑම් තක්සේරුවක් සිදු කර ඇත. වැඩිදියුණුකළ වාරි කාර්යක්ෂමතාවය ගණනය කිරීම සඳහා  හුරුළුවැව වාරි යටිතල පහසුකම්වල අළුත්වැඩියාවන් සදහා කරන ආයෝජනවල ප්‍රතිඵල සහ වී නිෂ්පාදනය හා වාරි ජලය ලබා ගැනීමේ අතර ඇති සම්බන්ධයක් ඇති කරන ලදී.

හුරුළුවැව විශේෂත්වයක් කර ගනිමින් වියළි කලාපීය නේවාසික ගොඩනැගිලිවල අභ්‍යන්තර තාපසුළු පහසුතා මට්ටම වැඩිකිරීමේ දේශගුණික නවීකරණය

අභ්‍යන්තරික වටපිටාවන් අධිකව උණුසුම්වීම යනු නිරක්ෂයට සමීප වියළි කලාපයේ බොහොමයක් පළාත් වල අසිරුතා ඇති කරන ප්‍රධාන ගැටලුවකි. චාම් සැළසුම් ක්‍රමවේද හදුන්වාදීම මගින් මෙම තත්වය වැඩිදියුණු කර ගත හැක. මෙම අධ්‍යයනය මගින්, තෝරාගත් ප්‍රදේශයක ඇති ගොඩනැගිලි සහ වටපිටාව, ගති ලක්ෂණ, පෙලගැස්ම හා සැළැස්ම වැනි සැප පහසු මට්ටම්වලට බලපාන විවිධ පරාමිතීන් ගැඹුරින් අධ්‍යයනය කර හා දත්ත විශ්ලේෂණය කර මාර්ගෝපදේශයක් සැකසීම සදහා සැළසුම් ක්‍රමවේද සකස් කර ඇත.

දියබස්නා කාර්යයන්වල මානව භූගෝලීය පීඩනයේ බලපෑම තීරණය කිරීම හා ජල ප්‍රමිති අවක්‍රමණය

පරිසර පද්ධති ඔරොත්තුදීම මගින් ජල මාර්ගවල ජල ප්‍රමිතියට බලපෑම් ඇති කෙරේ.  ඊට හේතුව දියබස්නාවක පරිසර පද්ධති ලක්ෂණ මත ජලයේ ප්‍රමිතිය රදා පවතී. පොල්ගොල්ල දියබස්නා ඇල මාර්ගවල ජල ප්‍රමිතිය සදහා සංකල්පීය මොඩලයක් යොදා ගැනීම පරිසර පද්ධතියේ සංඝටක ගණනාවට අදාළ වේ. මෙම මොඩලය භාවිතා කර උප දිය බස්නා හතක ඉඩම් භාවිත පද්ධති අධ්‍යනයට ලක් කර ජල මාර්ග වල ජල ප්‍රමිති හීනවිම පිළිබඳව මානව භූගෝල විද්‍යාමය බලපෑම ශ්‍රේණිගත කරන ලදී.