ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) මානව ජනාවාස සැළසුම් කිරීමේ හා පුහුණු කිරීමේ අංශය (HSPTD) සමාජ ආර්ථික අවශ්‍යතා සහ ජනාවාස ක්‍ෂේත්‍රයේ භෞතික සැළසුම් කටයුතුවලදී ආපදාවලට ලක් වූ ප්‍ර‍දේශ හා ගැටළුකාරී ප්‍ර‍දේශ කෙරේ විශේෂ අවධානයක් සහිතව කටයුතු කෙරේ.

මානව ජනාවාස සැළසුම් අංශය අඩු ආදායම් නිවාස ව්‍යාපෘති සැළසුම් කිරීමේ, සමාජ පරිසර බලපෑම් තක්සේරුව, ප්‍රදේශයේ ආපදා අවදානම අඩුකිරීම, උවදුරු ඔරොත්තු දෙන නිවාස තැනීම, නැවත පදිංචි කිරීම සහ ස්වභාවික ආපදාවලට සම්බන්ධිත පුනරුත්ථාපනය, විවිධ වර්ගවල උවදුරු සිතියම්කරණ තාක්ෂණය, ඩ්‍රෝන යොදාගත් භූ අවකාශ සිතියම්කරණය, දේශගුනික විපර්යාස අධ්‍යයන, පුහුණුව සහ දැනුවත් කිරීමේ වැඩසටහන් යනාදියේ දී වෘත්තිමය ධාරිතාවයන් දියුණු කර ගෙන ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන ද මානව වාසස්ථාන හා පුහුණු කිරීමේ අංශය මගින් සම්බන්ධීකරණය කෙරේ.

ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හදුනා ගෙන ඇති නායයාම් අවදානම් දිස්ත්‍රික්ක වෙනුවෙන් මෑතකදී දියත් කළ නායයාම් අවදානම් ආකෘතිය සැකසීම මගින් නායයාම් අවදානම් කළමනාකරණය සංවර්ධනයට එක් කරලීමට අවශ්‍ය කරන ක්‍රමවේදයක් සැකසීමට බලාපොරොත්තු වේ.

භූ අවකාශ සිතියම්ගත කිරීම, ඩිජිටල් මතුපිට නිරූපකරණයේදී (DEM), ඩිජිටල් බිම් පෙදෙස් නිරූපකරණයේදී  (DTM), සමෝච්ච රේඛා ඇදීම හා නායයාම් ඇගැයීම් ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කෙරේ. ඩ්‍රෝන තාක්ෂණය භූ අවකාශ සිතියම්කරණයේ දී, සැළසුම්කරණයේ දී හා සංවර්ධනයේ දී තීරණ ගැනීමේ දි ඉතා වැදගත් වන වඩාත් නිවැරදි හා ප්‍රදේශයක් පිළිබඳව වැඩි විස්තර ලබා දෙන ආරක්ෂාකාරී හා වඩාත් ඵලදායක කාර්යයකි. 

කෑගල්ල දිස්ත්‍රික්කයේ 2016 මැයි මස සිදු වූ නායයාමකින් අවතැන්වූ පවුල් 2000 ක් සමඟ හා නායයාමේ උවදුරකට ලක් වී ඇති ජනයා නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විට සිදු වෙමින් පවතී. මෙකී පවුල් නැවත පදිංචි කිරීමට අවශ්‍ය තාක්ෂණ සහාය HSPTD මගින් ලබා දේ.

ස්වභාවික ආපදා හා කාලගුණික වෙනස්කම්වලට අදාළ සහයෝගිතා ව්‍යාපෘති ජාත්‍යන්තර ආයතන සමඟ එක් වී HSPTD විසින් සිදු කරයි. ශ්‍රී ලංකාවේ කාලගුණික වෙනස්කම්වල බලපෑම් හා අනුගතවීම් පිළිබඳ ප්‍රතිපත්තිවලට අදාළ පර්යේෂණ පැවැත්වීම සඳහා 2013 වසරේ ස්ථාපිත කළ HSPTD හි කාලගුණික පර්යේෂණ ඒකකය (CRU) අද වන විට බලශක්ති හා පරිසරය සඳහා වූ වැන්ඩර්බිල්ට් ආයතනය (VIEE), කෘෂිකාර්මික අනුගතවීම් පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදයේ හා ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දේශගුනික වෙනස්කම් පිළිබඳව සහයෝගිතා පර්යේෂණ ව්‍යාපෘතියක් සිදු කෙරමින් පවතී.