භූ තාක්ෂණික ඉංජිනේරු විද්‍යා අංශය (GED) දේශීය අවශ්‍යතාවලට සෘජුව අදාළ වන පර්යේෂණ සහ පාංශු තාක්ෂණ, ඉංජිනේරු භු ගර්භ විද්‍යාව, අත්තිවාරම් සැළසුම්, නායයාම් අවම කිරීම් හා පර්යේෂණ යන ක්ෂේත්‍රවලදී උපදේශන ලබා දේ.  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භූ තාක්ෂණික සේවා ලබා දීම ද GED සිදු කරයි. වැඩිදුර පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් කිරීමට අවශ්‍ය වන ක්ෂේත්‍ර ඉදිකිරීම් කර්මාන්තයට එවැනි සේවා ලබා දීමේ ක්‍රියාදාමයේ දී සෑම විටම හදුනා ගැනේ.

භූ තාක්ෂණීක සේවා සපයන ප්‍රධාන‍ පෙලේ ආයතනයක් ලෙස, වසර 30 කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන ප්‍රතිපත්තිවලට අනුගත වෙමින් ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිවල අවශ්‍ය සේවාවන් සඳහා අප මෙතෙක් දායක වී ඇත. භූ තාක්ෂණික ඉංජිනේරුවරු, ඉංජිනේරු භු තාක්ෂණවේදීන්, විද්‍යාඥයන්, විදුම් අධීක්ෂකවරු, විදුම් ක්‍රියාකරුවන්, විදුම් කරුවන් හා පුහුණු අත්උදව්කරුවන් වැනි පළපුරුද්දෙන් අනූන පිරිසක් අප අතර ඇත. එමෙන්ම, භූ තාක්ෂණික සහ භූ භෞතික පර්යේෂණ සහ දේශීය හා විදේශීයව සිදු කරන විමර්ශන කටයුතුවලට අවශ්‍ය නවීන හා දියුණුතම උපකරණ එය සතුව ඇත.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පාංශු පරීක්ෂා කිරීමේ විද්‍යාගාර පහසුකම් ද GED සතුව තිබෙන අතර පරීක්ෂා කිරීම් සිදු කිරීමට අවශ්‍ය කරන අභ්‍යන්තරික ප්‍රවීන විද්වත් මණ්ඩලයකින් ද සමන්විතය.

පහත දැක්වෙන ව්‍යාපෘති මගින් අප පිළිබඳව කෙටි අවබෝධයක් ඇති කර ගැනීමට ඔබට හැකි වනු ඇත.

වරාය හා මහාමාර්ග අමාත්‍යාංශ එක්ව මෑතකදී දියත් කළ මහා පරිමාණ ප්‍රවාහන ව්‍යාපෘතියට සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කි.මි. 0.00 සිට කි.මි. 13.00 ක විකල්ප මාර්ගයත් එහි දෙවන අංශයේ කි.මි. 5.375 සිට කි.මි. 8.700 දක්වා ඇති ගොඩගම සිට අන්දරවැව දක්වා දක්ෂිණ අධීවේගී මාර්ගයේ දීර්ඝ කිරීම්වල මිහිවිදමන (BARHOLE) පරීක්ෂණ අවශ්‍ය භූ තාක්ෂණික සේවාවන් අප ලබා දී ඇත.

 

ජාතික මාර්ග පද්ධතියේ නායයාම් ආපදා ආරක්ෂණ ව්‍යාපෘතිය (LDPP) ශ්‍රී ලංකා වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය මගින් සිදු කරන අතර මූල්‍ය හා කාර්මික සහාය ජපන් අන්තර්ජාතික සහයෝගීතා නි‍යෝජිතායතනය (JICA) ලබා දේ. LDPP හි කාර්යයන් මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) මගින් සිදු කෙරේ. ව්‍යාපෘතියට අවශ්‍ය කරන තාක්‍ෂණික උපදේශන හා විශේෂඥ සහාය සීමා. ඔරියන්ටල් කන්සල්ටන්සි සමාගම විසින් ලබා දේ.

ඒ අනුව, භූ විදුම්,  රසායනාගාර පරීක්ෂණ, භූ භෞතික ගවේෂණ (භූමිකම්පා පිළිබඳ ගවේෂණ සහ වැඩි ඝණත්ව විදුලි ශබ්දකරණය), නිරීක්ෂණ උපකරණ (විතතිමාන, පයිප්ප පීඩන මැණුම්, මිහිවිදමන ආනතිමාන සහ භූගත ජල මට්ටම් මැනුම්) සවි කිරීම සහ නිරීක්ෂණ වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා සුදුසුකම්ලත් උප උපදේශකයෙකු ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) LDPP උප‍දේශක JV විසින් තෝරා ගෙන ඇත.

 

දියතලාව බස් නැවතුම්පල අසල මෑතකදී අවසන් කළ ව්‍යාපෘතිය වැනි පාංශු සවිකිරීම් ක්ෂේත්‍රයේ අප විසින් උපදේශන ලබා දේ.

කදුකර ප්‍රදේශවල ඇති වන නායයාම් මගින් ඇතැම්විට දරුණු විපාක හා ආර්ථික පාඩු ඇති කරවයි. නායයාමේ උවදුරු සාර්ථකව අවම කිරීම සඳහා, පුංචි රත්තොට, ගැරඩි ඇල්ල සහ කොක්මාඩුව නායයාම් ස්ථානවල තිරස් ගුරුත්ව කානු (HGD) GED විසින් හදුන්වා දී ඇත. නායගිය ස්ථානයක හෝ අස්ථාවර බෑවුමක භූගත ජල චක්‍රය අඩු කිරීම සඳහා තිරස් ගුරුත්ව කානු යොදා ගනු ලැබේ.

වැවේගම රෝහල, කොට්ටගහරාව, කුරුකුඩේගම, පින්නවල, පින්නරාව, ගම්පොල වැනි රටේ ආපදාවට ලක් විය හැකි ප්‍රදේශවල ජනතාව සඳහා රජයේ ප්‍රදානවලින් හදුනාගත් නායයාම් අවදානම අවම කිරීම සඳහා ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණ අංශය හා එක්ව GED ද නායයාම් අවම කිරීමේ ව්‍යාපෘති වල නිරත ව සිටි.

සේවාදායකයා ලබා දුන් තොරතුරුවලට අනුව, සේවක භාරකාර අරමුදල සඳහා වූ ‍යෝජිත මහලේකම් කාර්යාලයට පතුල් මහල් දෙකක් සහිත මහල් 32 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට තීරණය කර ඇත. අපගේ ඉංජිනේරුවරුන් සතු දැනුම තුලින් පස් ආකෘතිය හා විස්තරය, සුදුසු අත්තිවාරම් වර්ග සඳහා නිර්දේශ ඇතුළුව පරිශ්‍ර මට්ටමින් උපපෘෂ්ඨ තත්වයන් හි භූ තාක්ෂණික පරීක්ෂණ පිළිබඳ විශ්වාසය රඳවමින් උපදේශන ලබා දී ඇත.