ගොඩනැගිලි ද්‍රව්‍ය පර්යේෂණ හා අත්හදා බැලීමේ අංශයේ විද්‍යාගාරය යනු ගොඩනැගිලි ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති පැරණිතම විද්‍යාගාරවලින් එකකි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ හා පිළිගත් රසායනාගාරවලින් එකක් ලෙසට පත්වෙමින් එහි සේවාවන් අද වන විට සැළකිය යුතු ලෙස ව්‍යාප්ත කර ඇත. රසායනාගාර සාම්පල භෞතික ව හා තාක්ෂණිකව පරීක්ෂා කිරීම, ගොඩනැගිලි පිරික්සුම, දැනුම්වත් කිරීම හා පුහුණු වැඩසටහන් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධන ඇතුළු සේවාවන් ලබා දෙනු ලැබේ.

විශ්වාසදායී නිවැරදි හා කාර්යක්ෂම සේවාවන් සේවාලාභීන්ට ලබා දීම පිළිබඳව විද්‍යාගාරය ඉතාමත් ජනප්‍රිය බවට පත් ව ඇත. කොන්ක්‍රීට් ඝනකවල ශක්තිය බිදීමේ කාර්මික පරීක්ෂණ සහ වැරගැන්වුම් කම්බි පිළිබඳව ආතන්‍ය පරීක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) විසින් ද අපව අනුමත කර ඇත. පුළුල් කිරීමක් ලෙස, නව පරීක්‍ෂණ සේවා හා කාර්යාල පහසුකම් දැනට ඇති විද්‍යාගාරය ට ආසන්නව ඇති කෙරෙනු ඇත.

විද්‍යාගාරය තුල ඉහළ සුදුසුකම්ලත් හා පළපුරුදුකම් සහිත වෘත්තීමය ඉංජිනේරුවරුන් සහ පුහුණු තාක්ෂණවේදීන් සේවය කෙරේ. පරීක්ෂණ ප්‍රතිඵලවලින් උසස් කාර්යසාධන වාර්තා පිහිටුවීමට අප සමත් වි ඇති අතර මනා පුහුණුවකින් යුත් ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය මගින් පරීක්ෂණ ක්‍රියාවිධි හා පරීක්ෂණ ප්‍රතිඵලවලට අදාළ සේවාදායක ගැටළු පැහැදිලි කර දීමේ හැකියාව ඇත.

BMRTD හි පර්යේෂණාගාර ප්‍රතීතන තත්වය

ශ්‍රී ලංකා ප්‍රමිති 1144 අනුව කොන්ක්‍රීට් ඝනකවල ශක්තිය බිදීමේ කාර්මික පරීක්ෂණ සහ (BS 4449 & SLS 375) ISO 6892 & SLS 978 අනුව වැරගැන්වුම් කම්බි පිළිබඳව ආතන්‍ය පරීක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) විසින් කොන්ක්‍රීට් කියුබ් ද්‍රව්‍ය බිදීම් පරීක්‍ෂණ විද්‍යාගාරය ISO 17025 තත්ව සහතිකය ලබා දී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) විසින් නිරතුරුවම නිරීක්ෂණයට ලක් කරන ප්‍රමිති අත්පොත හා පද්ධතිවලට අනුව සමස්තමය ප්‍රමිති අවශ්‍යතා ඉෂ්ඨ කර ගැනීම සඳහා කාර්ය මණ්ඩල පුහුණුව හා යෝග්‍යතාවය ඇගයුමට ලක්කිරීම් සිදු කෙරිනි. ජාතික ප්‍රමිතියට අනුව අවශ්‍ය නිවැරදිතාවය හා සුදුසුකම සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය  (SLSI) විසින් සියළු උපකරණ ක්‍රමාංකණය කර ඇත.