පොදු පරිපාලනය හා මූල්‍ය සම්බන්ධ කටයුතුවලදී ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ආයතනික අංශය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබේ. මෙම අංශය පරිපාලන හා මානව සම්පත් ලෙසත් මූල්‍ය ලෙසත් ‍ඒකක දෙකකින් සමන්විත ව ඇත.

අංශය වෙත පැවරී ඇති ප්‍රධාන කර්තව්‍යයන් අතර ගිනුම්කරණය සහ අයවැය පාලන, ප්‍රසම්පාදන සිදු කිරීම, මානව සම්පත් කළමනාකරණය සහ පරිපාලන සේවා, ගොඩනැගිලි නඩත්තුව සහ වාහන නඩත්තුව, පිරිසිදු කිරීමේ කටයුතු හා ආරක්ෂක සේවා පවත්වාගෙනයාම පිළිබඳව ජාතික ‍ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට අවශ්‍ය සේවා සැපයීමයි.